ඔන්න ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. අදත් මං මේ දවස් ටිකේම ගෙනාවා වගේ සොෆ්ට්වෙයාර් එකක්නම් නෙමෙයි. මම ඉතින් කොහොමත් ලංකාවේ දුරකථන ජාලවල අලුතින් හදුන්වා දෙන විශේෂාංග ගැන ඔයාලට තොරතුරු අරගෙන එනවනේ. ඔන්න ඉතින් මම අදත් අරගෙන අවේ ඒ වගේ දෙයක් තමයි. මේ Airtel සමාගමේ අලුත්ම හදුන්වාදීමක් වන Airtel Chat Unlimited සේවය ගැනයි.
ඔන්න එහෙනම් අපි මේක මොකක්ද කියල බලමුකෝ. ඔයාල දන්නාවා අපේ රටේ තියන ගොඩක් දුරකථන ජාල වලට එයාලගෙම චැට් සේවාවන් තියනවා. ඒ අතරින් Mobitel සහ Etisalat පෙරමුණේ සිටිනවා. එත් ඒ චැට් විශේෂාංග වල යවන පණිවිඩ ගානට තමයි අයවීම සිදුවෙන්නේ. සමහරවිට Msg 10ක් යැව්වොත් රු.10ක් විතර ඉවරයි. ඉතින් ඒ අඩුව දැකපු Airtel සමාගම එයාලගේ චැට් සේවය දවසකට සුළු මුදලක් පමණක් වැයකරලා අසීමිතව පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන් සේවයක් විදියට තමයි Airtel Friends Chat Unlimited හදුන්වා දීලා තියෙන්නේ.
1. Airtel Friends Chat Unlimited වල ගාස්තු රටාව
මුලින්ම අපි ගාස්තු ගැන කතා කෙරුවොත් මෙහි අයවීම් සිදුවෙන්නේ දෛනික අයවීමේ රටාවකට අනුවයි. ඒඅනුව දවසකට රු.2.35ක් අයවෙනවා. මේ සදහා ලියාපදිංචි වීමට මුදල් අයවීමක් සිදුනොවේ. ඒ වගේම ඔයාලට කැමති වෙලාවක මෙම සේවාවෙන් ඉවත් වීමටත් නැවත සම්බන්ධ වීමටත් හැකියාව තියනවා. එයට අමතර ගාස්තු අයවීමක් වෙන්නෙත් නැ. නැවත ලියාපදිංචි වුනාට පස්සෙත් ක්‍රියාත්මක වෙන්නේ කලින් තිබුණු ගාස්තු ක්රමයම තමයි. මෙසේ ගාස්තු නියමාකාරයෙන් අය කරගත්තට පස්සේ ඔයාලට පැය 24ක කාලයක් ඇති තරම් චැට් රූම් වෙත පණිවිඩ යවන්නත්, චැට් කරන අය අතර ඇති තරම් පෞද්ගලික පණිවිඩ යවන්නත් හැකියාව ලැබෙනවා. මේ ගාස්තු අයවීම් 25 සහ 99 Youth Package වලටත් අදාලයි..
2. ලියාපදිංචි වෙන්නේ මෙහෙමයි.
ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ Airtel ජංගම දුරකථනයෙන් Reg <හිස්තැනක්> ඔයාලට කැමති Nickname එකක් යොදලා 9311ට යවන එක විතරයි. එතකොට ඔයාල යොදපු Nickname එක ඔයාලට ලබාගන්න පුළුවන් නම් Congratulations කියලා පණිවිඩයක් එනවා. නැත්නම් ඔයාට වෙනත් Nickname එකක් යොදන්න කියලා දැනුම් දෙනවා. මේක හරියටම කෙරුවනම් දැන් ඔයා චැට් කරන්න සුදානම්.
3. චැට් කරන්න කලින් දැනගත යුතු මුලික කරුණු.
Airtel Friends Chat Unlimited ක්‍රියාත්මක වෙන්නේ Text Command වලට අනුව නිසා ඒ වගේ text command මුලිකව ඉගෙනගන්න ඕනි. මං මේ කියන හැමදේම ඔයාලට Help කියල Type කරලා 9311ට යවලත් දැනගන්න පුළුවන්.
- ඉස්සෙල්ලම චැට් රූම් එකකට එකතු වෙන්නේ මෙහෙමයි. දැනට Airtel Friends Chat Unlimited තුල ප්‍රධාන චැට් රූම්ස් 4ක් තිබෙනවා. ඒවා Love, Teen, Dating සහ Nightlife කියලා හදුන්වාදෙන්න පුළුවන්. ඔයාලට මේ ඕනිම චැට් රූම් එකක් එක්ක එකතු වෙන්න ඕනිනම්
Join <හිස්තැනක්> චැට් රූම් එකේ නම දාල 9311ට සෙන්ඩ් කරන්න.
උදා: Love චැට් රූම් එකට එකතුවෙනවනම් Join Love ලෙස type කරන්න.
- චැට් රූම් එකට ප්‍රසිද්ද පණිවිඩ එහෙමත් නැත්නම් Public Message එකක් යවන්න ඕනිනම්.
කෙලින්ම Message එක type කරලා 9311 ට යවන්න.
- චැට් රූම් එකේ කෙනෙක්ට පෞද්ගලික පණිවිඩයක් යවන්න අවශ්‍යනම්
මුලින්ම පණිවිඩය යවන්න ඕනි කෙනාගේ Nickname එක type කරලා ඊට පස්සේ පණිවිඩය යොදන්න ඊට පස්සේ 9311 ට යවන්න.
උදා: myfriend hi my friend
- චැට් රූම් එකේ ඉන්න අයබලන්න ඕනි නම් Members කියල Type කරලා 9311 ට යවන්න.
- ඔයාගේ Profile එක බලන්න ඕනි නම් View කියල Type කරලා 9311 ට යවන්න.
- ඔයාට කවුරුහරි යාලුවෙක්ට ඔයා ඉන්න චැට් රූම් එකට ආරාධනා කරන්න ඕනි නම්
Invite <හිස්තැනක්> යාළුවගේ Nickname එක යොදලා 9311 ට යවන්න
උදා: Invite myfriend
- කාගෙන් හරි එන පෞද්ගලික පණිවිඩ අවහිර කරන්න ඕනිනම්,
Block <හිස්තැනක්> අවහිර කරන්න අවශ්‍ය කෙනාගේ Nickname එක යොදලා 9311 ට යවන්න.
අවහිර කිරීම ඉවත් කරන්න ඕනි නම් Unblock <හිස්තැනක්> අවශ්‍ය කෙනාගේ Nickname එක යොදල 9311 ට යවන්න.
- ඔක්කොම අයගෙන් එන පෞද්ගලික පණිවිඩ අවහිර කරන්න අවශ්‍ය නම් Block කියල Type කරලා 9311 ට යවන්න. ඒ අවහිරය ඉවත් කරන්න Unblock කියලා Type කරලා 9311 ට යවන්න.
- ඔයාලට චැට් රූම් එකෙන් ඉවත් වෙන්න ඕනි නම් Logout කියන වචනේ එකටම type කරලා 9311 ට යවන්න.
- ඔයාලට මේ සේවාවෙන් ඉවත් වෙන්න ඕනිනම් Unreg කියල Type කරලා 9311 ට යවන්න.
දැන් ඉතිං ඔයාල මේකේ මුලික සියලුම දේ දන්නවනේ. දැන් ඉතින් තියෙන්නේ ඇතිවෙනකන් චැට් කරන්න තමයි.
එහෙනම් වැඩේ ඔයාලට හොදටම තේරෙන්න ඇති කියලා මම හිතනවා. මමත් මේ චැට් සේවය සමග ඉන්නවා. ආපු වෙලාවක චැට් එකක් දාමුකෝ මගේ Nickname එක තියෙන්නේ RaZoR කියලා. අර Mostwanted එකේ ඉන්නේ අන්න උගේ නම තමයි.
එහෙනම් මම දැන් ගිහින් එන්නම්. වැඩේ හොදයිද කියල Comment එකක් දාලම කියන්නකෝ.
එකතු වෙමුද..??? එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/ අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..
ReplyDelete